බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව
වක්වැල්ල පාර, කලේගාන, ගාල්ල. දු.ක. 0912222437
ආයුබෝවන්

BOPE PODDALA PRADESHIYA SABHA



සභාවේ පිහිටීම හා හැදින්වීම


Responsive image

ගාල්ල දිස්ත්‍රික්කයට අයත් වර්ග කිලෝ මීටර් 40.75 ක භූමි ප්‍රමාණයෙන් යුත් මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය උතුරු හා ඊසාන දෙසින් බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ද, නැගෙනහිර හා ගිණිකොන දෙසින් අක්මිමණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ද බස්නාහිර දෙසින් රජ්ගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ද දකුණු දෙසින් ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන්ද මායිම් වේ.

මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ග්‍රාම නිලධාරී වසම් 51 කින් සමන්විත වන අතර, ග්‍රාම නිලධාරි වසම් 44 ක් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයටද ග්‍රාම නිලධාරී වසම් 07ක් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයටද අයත් වේ.


සභාපතිතුමිගේ පණිවුඩය


Responsive image

පළාත් පාලන ආයතනයක් ලෙස අපගේ පූර්ණ වගකීම වනුයේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” තේමාව පෙරදැරිව බෝපෙ පෝද්දල ජනතාවගේ සුඛ විහරණය සහ සුභ සාධනය යන සියලු පහසුකම් ආරක්ෂා කිරීම සහ වර්ධනය කිරීමට අදාළ සියලු කරුණු විධිමත් කිරීම සහ පාලනය කිරීමයි. මෙම කරුණු ක්‍රියාවට නැංවීමේදී සිවිල් සමාජය, පුරවැසියන් හා පළාත් පාලන ආයතන අතර සබැදියාවක් නිර්මාණය වීම නිරන්තරයෙන් සිදු වන අතර මෙම සබැඳියාවන් වඩාත් ගුණවත් බවින් හා කාර්යක්ෂමතාවයෙන් යුක්තව වර්ධනය කිරීමට අවශ්‍ය සෞඛ්‍ය හා සනීපාරක්ෂාව , යටිතල පහසුකම් , සමාජ සුභ සාධනය හා ආර්ථිකය නංවා ලීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම මාගේ හා උප සභාපතිතමා ඇතුළුව සහෝදර මන්ත්‍රී මණ්ඩලයේ වගකීම හා යුතුකම බව මා අදහස් කරන්නෙමි.

ඒ.එල්. ලලනි ජයමිණී


ලේකම්තුමාගේ පණිවුඩය


Responsive image

බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල විහිදී සිටින 69,868 ක් වන සියලු ජන කොට්ඨාශවල පොදු අවශ්‍යතා සපුරා ලීමට එම ජනතාව වෙතින් රැස් කරනු ලබන බදු, ගාස්තු හා වෙනත් සියලු ආකාර වලින් සභා අරමුදලට ඒකරාශී වන සියලු මුදල් මනා කළමනාකාරණයකින් හා පරිපාලනයකින් යුතුව යොදවා ඔවුන්ගේම සුභසිද්ධිය සලසා දීම අපගේ ඒකායන පැතුමයි

පී.කේ. ලලිත් ගාමිණී


ප්‍රාදේශීය සභාවේ දැක්ම ( VISION)


දක්ෂිණ අභිමානවත් නවමු පුරවරයක් බිහි කිරීම.


ප්‍රාදේශීය සභාවේ මෙහෙවර ( MISION)


බෝපෙ- පෝද්දල ප්‍රාදේශීය සභාව පළාත් පාලන ආයතනයක් වශයෙන් බල ප්‍රදේශය තුල මංමාවත්, මහජන සෞඛ්‍ය වෙනත් උපයෝගීතා සේවාවන් සැලසීමේදී මහජනතාවගේ සුඛ විහරණය හා සුභසාධනය ඉහළ නැංවෙන පරිදි එකී සේවාවන් ධරණීය සංවර්ධනයට පාදක වන පරිදි සැලසුම් නිර්මාණය කර ක්‍රියාත්මක කිරීමෙන් හෙටට ගැළපෙන ජන ජීවිතය ඔප්නැංවීම උදෙසා ක්‍රියාකාරීව සහභාගී වීම මෙම ප්‍රාදේශීය සභාවේ මෙහෙවර වේ.


ප්‍රාදේශීය සභා පනත


1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත යටතේ ප්‍රාදේශීය සභා ස්ථාපිත කරන ලද අතර එය පළාත් පාලන ආයතනයක් / ප්‍රාදේශීය ආණ්ඩුවක් ලෙස යම්කිසි නිශ්චිත නාගරික හෝ ග්‍රාමීය ප්‍රදේශයක පරිපාලනය හා සංවර්ධනය අරමුණු කොටගෙන ක්‍රියාත්මක වේ. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ද එය සමන්විත මන්ත්‍රී සංඛ්‍යාවද ආයතන හදුන්වන නාමයන්ද එමගින් ස්ථාපිත වී ඇත. ඒ අනුව සෑම පළාත් පාලන ආයතනයක්ම අවිච්ජින්න පැවැත්මක් හා පොදු මුද්‍රාවක් ඇති සංස්ථාවක් මෙන්ම නීතිමය පුද්ගලයෙක්ද වන්නේය‍. එමෙන්ම රජයේ නියෝජිත ආයතනයක් නොවන මුත් නෛතික සීමාවන් තුල ස්වාධීනව ක්‍රියාත්මක වීමට බලය ඇත්තේය.

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත

1952 අංක 6 දරන පළාත් පාලන ආයතන (සම්මත අතුරු ව්‍යවස්ථා ) පනත
සම්මත අතුරු ව්‍යවස්ථා පනත


තොරතුරු දැන ගැනීමේ පනත හා සම්බන්ධ දැන්වීම්


2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ප්‍රකාරව ප්‍රාදේශීය සභාව සතුව පවතින යම් තොරතුරක් ඔබේ අවශ්‍යතාවය පරිදි ලබා ගැනීමේ හැකියාව ඔබ සතුය.

තොරතුරු නිලධාරී
ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී, බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව, කලේගාන, ගාල්ල.

අභියාචනා නිලධාරී
ලේකම්, බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව, කලේගාන, ගාල්ල.


තොරතුරු ඉල්ලීම් කරන ආකාරය :-
ඔබගේ තොරතුරු ඉල්ලීම් ලිපියක්, විද්‍යුත් තැපෑල මගින් හෝ RTI අයදුම්පත්‍රය (කාර්යාලයෙන් ද ලබා ගත හැක.) සම්පූර්ණ කර තොරතුරු නිලධාරී වෙත ඉදිරිපත් කළ යුතුය.

තොරතුරු සපයන ආකාරය :--
ඔබගේ තොරතුරු ඉල්ලීම් ලිපියක්, විද්‍යුත් තැපෑල මගින් හෝ RTI අයදුම්පත්‍රය (කාර්යාලයෙන් ද ලබා ගත හැක.) සම්පූර්ණ කර තොරතුරු නිලධාරී වෙත ඉදිරිපත් කළ යුතුය.

  • අඩුපාඩු රහිත තොරතුරු ඉල්ලුම් දින 14ක් තුළ සම්පූර්ණ කරනු ලැබේ.
  • තුන්වන පාර්ශවයක් වෙතින් තොරතුරු ලබා දීම පිළිබඳව කැමැත්ත විමසිය යුතු තොරතුරු ඉල්ලීම් සඳහා දින 21 තුළ සම්පූර්ණ කරනු ලැබේ.
  • වෙනත් සාධාරණ තොරතුරු ලබාදීමට අමතරව කාලයක් අවශ්‍යය වේ දින 14ක් තුළ ඔබ වෙත දැන්වීමට කටයුතු කරනු ලැබේ.

ප්‍රාදේශීය සභාවේ සභිකයන්ගේ තොරතුරු


2018 මාර්තු මස 09 වන දින ප්‍රකාශිත අංක 2061/42-7 දරන ගැසට් නිවේදනය අනුව බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවට පත් කර ඇති සභිකයන් සංඛ්‍යාව 22 ක් වන අතර ඔවුන්ගේ තොරතුරු ඔබට පහතින් ලබා ගත හැකිය.

මන්ත්‍රී කණ්ඩායම Responsive image

පුවත් ඒසැණින්


2026 වසරට ආරක්ෂක සේවය සදහා මිල ගණන් කැදවීම

Responsive image

අනතුරුදායක පොල් ගස් ඉවත් කිරීමට අදාල මිල ගණන් කැඳවීම - 2026

Responsive image

අනතුරුදායක ඩොංගා ගස් ඉවත් කිරීමට අදාල මිල ගණන් කැඳවීම - 2026

Responsive image